ප්‍රශ්න හා පිළිතුරු

ඔබේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර දැනගත යුතු දේ.

Custom manufacturing, private label, sample batches, confidentiality, packaging සහ production පිළිබඳ නිතර අසන ප්‍රශ්න සඳහා සරල පිළිතුරු.

01 · ආරම්භය

ව්‍යාපෘතිය ආරම්භ කිරීම

BioZor සමඟ ව්‍යාපෘතියක් ආරම්භ කරන්නේ කොහොමද?

Contact page එකෙන් ඔබේ නිෂ්පාදන අදහස, කැමති format එක සහ අපේක්ෂිත ප්‍රමාණය එවන්න. මුල් සමාලෝචනයෙන් පසු සාකච්ඡාවක් සඳහා අපි සම්බන්ධ වෙමු.

මට formula එකක් නැත්නම් ව්‍යාපෘතියක් ආරම්භ කළ හැකිද?

ඔව්. ඔබට new product development හෝ private-label මාර්ගය තෝරාගත හැක. ඉලක්ක පාරිභෝගිකයා, භාවිතය සහ සන්නාම අදහස අනුව සුදුසු මාර්ගය සාකච්ඡා කරමු.

Startups සහ කුඩා ව්‍යාපාර සමඟ වැඩ කරනවාද?

ඔව්. BioZor ක්‍රියාවලිය startup සහ SME හිතකාමී ලෙස සැලසුම් කර ඇත. කෙසේ වෙතත්, quantity සහ commercial terms නිෂ්පාදනය සහ ව්‍යාපෘති සංකීර්ණතාව අනුව වෙනස් වේ.

02 · සූත්‍රය

සූත්‍රය, සාම්පල සහ රහස්‍යභාවය

මගේ formula එක රහසිගතව තබනවාද?

පාරිභෝගික formula සහ ව්‍යාපාරික තොරතුරු රහස්‍යභාවය යටතේ හසුරුවමු. අවශ්‍ය ව්‍යාපෘති සඳහා NDA හෝ වෙනත් ලිඛිත එකඟතාවක් සාකච්ඡා කළ හැක.

Commercial batch එකට පෙර sample එකක් ලැබෙනවාද?

ව්‍යාපෘතියේ ස්වභාවය අනුව sample හෝ pilot batch එකක් සකස් කර feedback අනුව වැඩිදියුණු කළ හැක. Sample cost සහ අවශ්‍ය වාර ගණන quotation එකේ සඳහන් කරයි.

Ayurvedic oil එක cream හෝ balm එකක් කළ හැකිද?

තාක්ෂණික ශක්‍යතාව, අමුද්‍රව්‍ය සහ අදාළ නියාමන මාර්ගය සලකා බැලීමෙන් පසු එකඟ වූ Ayurvedic oil base එකක් suitable cream හෝ balm format එකකට සංවර්ධනය කළ හැක.

03 · නිෂ්පාදනය

ප්‍රමාණය, කාලය සහ ගෙවීම්

Minimum order quantity එක කීයද?

එක් ස්ථිර MOQ එකක් සියලු නිෂ්පාදන සඳහා නොමැත. Formula එක, format එක, pack size, packaging supplier සහ production process අනුව practical minimum quantity එක quotation එකේ දක්වයි.

නිෂ්පාදනයට කොපමණ කාලයක් ගත වෙනවාද?

Project development, sample approval, raw materials, packaging availability, testing සහ batch size මත කාලය වෙනස් වේ. Scope එක තහවුරු කළ පසු estimated timeline එක ලිඛිතව ලබා දෙයි.

ගෙවීම් ක්‍රමය කොහොමද?

Sample, development, packaging සහ commercial batch සඳහා අදාළ payment terms quotation හෝ project agreement එකේ සඳහන් කරයි. ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර terms පැහැදිලිව එකඟ වේ.

04 · වෙළෙඳපොළ

ඇසුරුම්, ලේබල් සහ නියාමන සහාය

Packaging සහ label design සඳහා සහාය දෙනවාද?

ඔව්. Container, pack size, label information සහ supplier coordination සඳහා මූලික සහාය ලබා දිය හැක. Final artwork, printing සහ supplier costs project scope එක අනුව තීරණය වේ.

Product registration එක BioZor විසින් කරනවාද?

BioZor විසින් අදාළ product classification, documentation සහ regulatory pathway පිළිබඳ මූලික මඟපෙන්වීම ලබා දිය හැක. Registration responsibility, authority fees සහ external professional services project agreement එකෙන් පැහැදිලි කරයි.

වෛද්‍යවරු, ඔසුසල් සහ distributors වෙත market entry සහාය තිබෙනවාද?

අවශ්‍ය ව්‍යාපෘති සඳහා doctor engagement, pharmacy activation, distributor route සහ launch materials පිළිබඳ මූලික commercial guidance එක සාකච්ඡා කළ හැක.

සටහන: අවසාන නිෂ්පාදන හැකියාව, මිල, MOQ, කාලසීමාව, claims, testing සහ regulatory pathway තීරණය වන්නේ project-specific technical review එකෙන් පසුවයි.

ඔබේ ප්‍රශ්නය මෙහි නැද්ද?

ඔබේ නිෂ්පාදන අදහස සහ ප්‍රශ්නය අපට එවන්න. මුල් පණිවිඩයේ සංවේදී formula details යැවීම අවශ්‍ය නැහැ.

සම්පූර්ණ පිටු ලැයිස්තුව / All Pages
WhatsApp